Health
හෙළ ඔසුවෙන් වෙට්ටුවක් දමා හිසරදය මට්ටු කරගමු
මේ දිනවල පවතින දේශගුණික තත්වයන් හමුවේ බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටිනා රෝගයක් හිසරදයග ඇත්තටම මේ හිසරදය හැදෙන්නේ කොහොමදරෑ
ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා
මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්රිය වන්නේ මොළයයිග ස්නායු පද්ධතියේ මූලස්ථානය වන්නේද මොළයයිග මොළයෙන් නිකුත් වන මූල ස්නායු කුඩා මොළය ඔස්සේ කශේරුකා පන්තියට ඇතුල් වී එයින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම අවයව හා ඉන්ද්රියයන් කරා ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වය ඇති කරනවාග එම නිසා ශරීරයේ කුමන ස්ථානයක දෝෂයක් හටගැනීම සිදුවුවත් එය මොළයට බලපෑම් කරනවාග එලෙස මොළයට කරන බලපෑම්වලට උච්චතම අවස්ථාව ලෙස මෙම හිසරදය ලෙස හැඳින්විය හැකියිග
ෆ මේ තත්ත්වය ඇති වීමට හේතුන් ලෙස දැක්විය හැක්කේ මොනවාදරෑ
ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
අප කරා පැමිණෙන මෙවැනි රෝගීන්ට එය ඇති වීම සඳහා ප්‍රධාන ලෙසට බලපාන්නේ සෙම කුපිත වීමේ තත්ත්වයයිග හිස ආශ්රිත ප්‍රදේශයේ සෙම බහුල වීමෙන් මේ තත්ත්වය ඇති වීම සිදු වෙනවාග මේ සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ උෂ්ණාධික බවයිග වර්තමානයේ බොහෝ පිරිසකගේ ශරීර අධික උෂ්ණාධික බවකින් දැකිය හැකියිග මේ අධික උෂ්ණාධික බව සිරුරේ බොහෝ ඉන්ද්‍රියයන්ට බලපෑම් කරනවාග එමඟින් එය මොළය කරාද පැමිණෙනවාග මොළය ආශ්‍රිතව ඇති සියුම් ස්නායු මෙම උෂ්ණාධික බව නිසා විනාශ වීමේ වැඩි ඉඩක් පැවතීම නිසා මොළය විසින් සෙම ගෙන්වා ගෙන එම ස්නායු ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං සිසිලන ක්‍රමවේදයක් අනුගමනය කරනවාග මෙලෙස වැඩිපුර හිස්කබල ප්‍රදේශයේ රැස්වන සෙම නාස් කුහර තුළින් පැමිණෙන බාහිර වාතයත් සමඟ පැමිණෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් නරක් වීම සිදුවෙනවාග :සෙම කුපිත වීමල පැසවීම- මෙලෙස දූෂණය වූ සෙම නිසා හිසේ බර ගතිය හිසරදය හා වෙනත් මොළය ආශ්රිත ආබාධ හටගැනීම සිදුවනවාග
ෆ මීට අමතරව වෙනත් හේතුන්ද මේ හිසරදය තත්ත්වය සඳහා බලපෑම් කරනවාදරෑ
ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
විවිධ රෝගාබාධ නිසාද හිසරදය ඇති විය හැකියිග මළ බද්ධයල ගැස්ට්රයිටීස්ල ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාල දියවැඩියාවල අර්ශස්ල පීනසල රක්තහීනතාවල අධික නිදිමතල නින්ද නොයැමල බඩ පුරවා දැමීමල මුත්‍රා රෝගල වකුගඩු ආශ්රිත දුර්වලතාල කාන්තා රෝග ආදී තවත් බොහෝ රෝගාබාධ තත්ත්වයන්ද මේ සඳහා විවිධ අයුරින් බලපෑම් කළ හැකියිග විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මෙම හිසදරයේ පීඩාකාරීම අවස්ථාව වන ඉරුවාරදය තත්ත්වය ඇතිවීම තුළින් ඉතා අසාධ්‍ය තත්වයට පත් වී ස්නායු දෛනික වැඩ කොටස් පවා අඩපණ වී ඉතා අසරණ තත්ත්වයට රෝගීන් පත්වීම සිදු වනවාග
ෆ හිසරදයෙන් මිදීමට කළ යුතු ප්‍රතිකාරයන් මොනවාදරෑ
මෙවැනි රෝගීන්ගේ සෙම ඉවත් කිරීම හා ඒවා වියළීමට ක්‍රියා කිරීමෙන් උෂ්ණාධික බව තව තවත් ඉහළ යා හැකියිග එම නිසා පළමුව අප සිදු කරනු ලබන්නේ සිරුරේ ඇති උෂ්ණාධික බව අඩු කිරීම සඳහා ප්‍රතිකාර කිරීමයිග
ඊට අමතරව රෝගියාට යම් වෙනත් රෝගයක් වැළඳී ඇති දැයි සොයා බලා එහි ප්‍රතිකාර ලබාදීම තුළින් ක්‍රම ක්‍රමයෙන් සිරුර යථා තත්ත්වයට පත්වී මොළය ආශ්රිත ප්‍රදේශය සිසිලස වී හිසරදය නැත්තටම නැතිවීම සිදුවෙනවා
ෆ හිසරදය නිට්ටාවටම සුව කළ නොහැකිදරෑ
බොහෝ අයට ඇති ප්‍රශ්නයක් තමයි ඒකග නමුත් වෛද්‍යවරයා රෝගියා නිසි ලෙස පරීක්ෂා කර හිසරදය ඇතිවීමට හේතු වූ සැබෑ රෝගය හඳුනාගෙන එම රෝග නිදානයට ප්‍රතිකාර කළොත් හිසරදය නිට්ටාවටම සුව කළ හැකියිග නමුත් බොහෝ රෝගීන් වේදනා නාශකවලට යොමු වී තාවකාලික සුවයක් ලබනවා විනා මෙම රෝගය කෙරෙහි නිසි අවධානයක් නොදැක්වීම නිසා බොහෝ දෙනා මෙම රෝගයෙන් නිසි සුව නොලබා පීඩා විඳිනවාග
වර්තමානයේ ආයුර්වේද ප්‍රතිකාර විධි ඉතා පහසුවෙන් රෝගීන්ට ලබාගත හැකි ලෙස සැකසූ ඖෂධ ලෙස තිබෙන නිසා බොහෝ රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් තම රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවාග එම නිසා බහුල ලෙස රෝගීන් අද වන විට ආයුර්වේද ප්‍රතිකාර තුළින් තම රෝග බාගෙට නොව සම්පූර්ණයෙන්ම සුවකරගෙන නිරෝගී සුව විඳිනවාග
ෆ මෙම රෝගීන් ප්‍රධාන ලෙසට වැළකිය යුත්තේ කුමන දේවල්වලින්දරෑ
ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -
කට පරිස්සම් කර ගැනීම අනිවාර්යයිග මත්ද්‍රව්‍යල දුම්පානය මෙම රෝගීන්ට ඉතා අහිතකරයග තෙල් සහිත ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ගවලින් හැකිතාක් වැළකිය යුතුයග උෂ්ණ අධික ආහාර භාවිතය අඩු කිරීම සවස් කාලයේ ඇල්වතුර නොනෑමද මෙවැනි රෝගීන්ට යහපත් විය හැකියිග
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks